දකුණු කොරියාවේ ලාංකිකයන්ට කෝවිඩ් ආසාදනය වී නෑ


කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකුණු කොරියාවේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රි ලාංකිකයින් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන අතර, උද්ගත වී ඇති වාතාවරණය යටතේ ශ්‍රි ලාංකිකයෙකුට කිසියම් ගැටළුවක් මතුවී නම් දවසේ පැය 24 තුළම තානාපති කාර්යාලය ඇමතීම සඳහා දුරකථන මාර්ග 3ක් හඳුන්වා දී තිබේ.

            0082-2-735-2966

            0082-2-735-2967

            0082-2-794-2968

මෙම අංකවලට දිනයේ ඕනෑම අවස්ථාවක ඇමතීම මඟින් ශ්‍රී ලාංකිකයින්ට සිය ගැටළු පිළිබඳව සෘජුව තානාපති කාර්යාලයට දැනුම් දිය හැකිය.



Recommended Articles